
මාස 06 ක කාලයකට පසු දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
සෞඛ්‍ය ක්‍රමවේද යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් පාසල් වෙත පැමිණීමේදි නිල ඇදුම බාධාවක් කර නොගෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දැනුම් දී තිබුණා.
වර්ජනයේ නිරත වු ගුරු විදුහල්පතිවරුන් ද අද දිනයේ පාසල් වෙත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා.
උණ, කැස්ස වැනි රෝගී තත්ත්වයන් සහිත දරුවන් පාසල් වෙත එවීමෙන් වලකින ලෙසයි මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ.
ලබා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මව්පියන් සිය දරුවන් පාසල් වෙත යොමු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.