
ගෘහස්ත හිංසන චෝදනාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන 51 හැවිරිදි මයිකල් ස්ලේටර් ඔහුට අයත් සිඩ්නි නුවර පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.
පසුගිය සතියේදී සිදුවූ ගෘහස්ත හිංසන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව නිව් සවුත් වේල්ස් පොලිසිය තහවුරු කර ඇතත් වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත.
මයිකල් ස්ලේටර් 1993 සිට 2001 දක්වා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කර තිබේ.
පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් වසංගතය දරුණු තත්ත්වයක පවතිද්දී ඔහු එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
ඒ වන විට මයිකල් ස්ලේටර් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටි අතර අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අමුතු ආකාරයේ ‘පළිගැනීමක’ නිරත විය.
ඒ, ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට සති දෙකක තහනමක් පනවමිනි.