
ජනතාව තමන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇත්තේ ඔ්නෑම දෙයකට අත උස්සන සිග්නල් කණු වීමට නොවන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව යනු නීති සම්පාදනය ව්‍යවස්ථාදායකය බවත් එතන නීති සම්පාදනය නොකර වෙන කොහේ සාදා අත උස්සන්නැයි තමන්ට කියනවා නම් තමන් ඊට සූදානම් නැතැයි ද ඔහු පැවසීය.
විෂය දන්නා තමන් වැනි අයට විනාඩි එකොළහක් වෙන්වෙද්දී විෂය නොදන්නා ඕනෑම කුණුහරුපයක් කියන අයෙකුට විනාඩි පහළොවකට පාර්ලිමේන්තුවේ කාලය වෙන් වන බවද ඔහු කීය.
අද පාර්ලිමේන්තුවේ පැවති කල් තැබිමේ විවාදය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.