
වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.
වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරියකගේ මෝටර් රථයක මෙම පියා සහ දියණිය ගැටී ඇති අතර රථය ධාවනය කළ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.