
අනුරාධපුර සහ වැළිකඩ බන්ධනාගාරවලට ගිය ගමන සම්බන්ධයෙන් තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා.
හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
සමගි ජන බලවේගය පක්ෂයේ මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනුරාධපුර බන්ධනාගාරය වෙත පැමිණියේ අද පෙරවරුවේ.
ඒ, පසුගියදා එම බන්ධනාගාරය තුළදී සිදු වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් රැඳවියන්ගෙන් තොරතුරු විමසීම සඳහායි.
කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය තුලට පිවිසීමට ඉඩ ලැබුණේ නැහැ.
අනතුරුව ඔවුන් මේ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දුරකථනය ඔස්සේ දැනුම් දුන්නා.
ඔවුන්ට බන්ධනාගාරය තුලට ගොස් අදාල රැඳවියන් මුණගැසීමට අවස්ථාව ලැබුණේ ඉන් පසුවයි.