
තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පලවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපුටා දක්වමින් නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා වල දැක්වුණේ කොරෝනා වෛරසය ආසාදනයවූ අග්‍රාමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකයට ඇතුලත් කර ඇති බවයි.
මෙම පුවත සම්බන්ධයෙන් නෙත් නිවුස් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන්ම විමසා සිටියා.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් සෞඛ්‍ය සම්පන්නව සිටින බවත්, අරලියගහ මන්දිරයට වී තම රාජකාරි කටයුතුවල යෙදෙමින් සිටින බවයි. එමෙන්ම අද පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද තමන් සහභාගී වූ බවයි මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ.
(උපුටා ගැනීම : නෙත් නිවුස් වෙබ් අඩවිය )