මහනුවර දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (22) දිනයේ පැවැත්වුණා.

පෙරහැරට සහභාගී වූ කතරගම දේවාලයේ අලි ඇතුන් දෙදෙනෙක් කලබල වී පෙරහැර යාමට බාධා කරමින් නොසන්සුන් වූහ.

කෙසේ නමුත් මෙහිදී ඇතැම් සමාජ මාධ්ය පිටු හරහා පවසා තිබුණේ මෙසේ කුලප්පු වී ඇත්තේ දළදා කරඬුව වඩම්මන නැදුන්ගමුවේ රාජා හස්තියා බවයි.

එම පුවත සම්පූර්ණයෙන්ම අසත්යයක් වන අතර මෙහිදී දළදා පෙරහැරට පසුව එන දේවාල පෙරහැරේ අලින් කිහිපදෙනෙකුයි මෙසේ කුලප්පූ වී ඇත්තේ. සුළු වේලාවක් තුලදී එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ඇත්ගොව්වන් සමත් වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කුපිත වූ අලි දෙදෙනා කතරගම දේවාලයේ කරඩුව රැගෙන අලි වෙත පැමිණි අතර එමඟින් කතරගම දේවාලයේ පෙරහරේ සිටි තවත් අලි දෙදෙනෙකු ද කලබලයට පත් වූ බවයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.

ඊට අදාල වීඩියෝව පහතින් නරඹන්න.

මෙන්න බලන්න තවත් පුවත්