කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව සිටින ජනප්‍රිය නිලි නයනතරා වික්‍රමාරච්චි මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඇය වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ ඇතැම් සහය අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදන ආයතන විසින් කොවිඩ් ආසාදිත සිටින නළු නිලියන් ගෙන් ඉදිරි පටිගත කිරීම් සඳහා දින ඉල්ලමින් සිටින බවයි. මේ හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ සියලු රූගත කිරීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

වයස අවුරුදු 23ක් වන තමන් සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් වුවත් වෛරසය ආසාදනය වීමෙන් දින කිහිපයක් ගතවන විට තමන්ව දැඩි සේ ආසාද්‍ය මට්ටමට පත්වූ බවයි. හුස්ම ගැනීමට නොහැකිව, රුධිර පීඩනය අඩු වීමෙන් තමන්ට මරණ භය දැනුණු බවයි ඇය කියා සිටියේ.

දැනට පවතින ගුරු විරෝධතා ඇතුළු සියලු උද්ඝෝෂණ නතර කරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත්, මුදල් අවශ්‍යතාවන් සියලු දෙනාට තිබුනත් මේ මොහොතේදී ජීවිතය රැක ගැනීම ඉතා වැදගත් බැවින් සියලු දෙනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම යහපත් බවයි ඇය මෙහිදී කියා සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්