සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන කළේ අද (29) කොළඹදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ වන විට ඒ ගැන සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ජා සාර්ථක බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

සමඟි ජන බලවේගයෙන් ජන්දයට ඉදිරිපත් වුණේ හවුල්කාර පක්ෂයක් ලෙස වන අතර සමඟි ජන බලවේගයෙන් ජන්දය ඉල්ලුවද තමන් ශ්‍රී ලංකාකාරයෙකු බව හෙතෙම කියා සිටියා.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරයට ගෙන යන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන පක්ෂයක් නිර්මාණය කරන බවත් වෙල්ගම මහතා පැවසුවා.

දැනට එම නව පක්ෂයේ නායකත්වය තමන් විසින් ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

විෂයක ජනාධිපති ක්‍රමය අහෝල්සි කිරීමට තමන් දස මහා යෝධයෙකු සේ පපැමිණෙන බවයි ඔහු අවධාරණය කළේ

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන විවිධ මත පළවීම ගැනද මන්ත්‍රීවරයා අදහස් දක්වා සිටියා.

එහිදී ඔහු පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිම්නේතුවට ගෙන ඒමෙන් සිදුකරන්නේ රාජපක්ෂ වරුන්ගේ පවුලේ බලය රැක ගැනීමට උත්සහ දැරීම බවද වෙල්ගම මහතා පැවසුවා.

මෙන්න බලන්න තවත් පුවත්