පොලිස් නිලධාරීන් යැයි පවසමින් හංවැල්ල ඇඹුල්ගම නිවසක ට ගොස් එහි සිටි කට්ටඩියෙකුගේ දෙඅත් පිටුපසට කර දම්වැලකින් ගැටගසා ඉබි යතුරු දමා  පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාව ඝාතනය කර සිරුර කැලණි ගඟට දමා තිබුණි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැර ගන්නා අවස්ථාවේදී කට්ටඬියා සිට ඇත්තේ සැකකාර කාන්තවයේ නිවසේය.

සැකකරුවන් පැහැර ගැනීමට යොදා ගත් බව  යතුරුපැදිය, හිසට පහර දීමට යොදා ගත් මිටිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැල සහ ඉබි යතුර ද පොලිස් භාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

ඝාතනයට ලක්වූ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ ඝාතනය වූ තැනැත්තා මීට වසරකට පමණ ඉහතදී අනියම් බිරිද සමඟ හංවැල්ල ඇඹුල්ගම නිවසට පැමිණ පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.

මෙන්න බලන්න තවත් පුවත්