
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාරිභෝගික අයිතින් සුරකිමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්ට තරයේ අවවාද කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප මත මුදා හැර තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරීයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදු කළ පැමිණිල්ලකට අදාලවයි ඔහු අත්අඩංගුවට ගැණුනේ.
මේ අතර අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු මාධ්‍යට තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් කියා සිටියේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් රැගෙන එන වීට ඇද සිටියේ සරමක් පමණක් බවයි. එමෙන්ම එහිදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා තමන්ට ටීෂර්ට් එකක් ලබාදුන් බවත්, පොඩි ලැසි නැමැත්තා තමන්ට මුහුණ සෝදා ගැනීමට සබන් කෑල්ලක් සහ දන්තාලේප ලබාදුන් බවද කියා සිටියා.