කල්පිටිය කන්දකුලිය ගම්මානයේ නීරෝධායන නීති කඩ කරමින් මංගල සාදයක් පැවත්වු පිරිසක් නීරෝධායන ලක්කර නඩු පැවරිමට කටයුතු කළ බව කල්පිටිය පොලිසිය පවසනවා.

මෙසේ නඩු පැවරිමට කටයුතු යොදා ඇත්තේ නිවස හිමිකරුට වන අතර එම සාදයේ නීරෝධායන නීති කඩකරමින් බිමත්ව රැගුම් පෑ තවත් පස් දෙනෙකු නිරෝධායනයට ලක්කර පි.සි.ආර් පරික්ෂණ සදහා යොමු කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ .

.කන්දකුලියේ පැවැත්වු මෙම මංගල සාදයේ දෙවන දිනයට පොලිසියෙන් හා සෞඛ්‍ය අංශ වලින් අවසර ඉල්ලා තිබුනද එය ලබා නොදිමේන් පසුව රාත්‍රි 10 පසුව මෙම මංගල සාදය පවත්වා ඇති බවත් එයට 100 කට අඩු පිරිසක් එක්වි ඇති බවද කියයි.

කෙසේ වෙතත් අදාල මංගල සාදයට එක්වු පිරිසෙන් තරුණයන් පිරිසක් මත්පැන් පානය කරමින් නටමින් මෙම අවස්ථාව සජීවිව මෙම අවස්ථාව අන්තර් ජාලයට මුදා හැර ඇති බවද පොලිසිය කියයි.

මෙන්න බලන්න තවත් පුවත්