අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, එහි තිබු නිවසක රතු රසදිය බව පවසා ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සහ ඒවා නිර්මාණය කිරිමට යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරමින් පවතියි.

මෙන්න බලන්න තවත් පුවත්