දෙහිවල, නැදිමාල , රබර්වත්ත පාර, දෙමහල් නිවසක නීති විරෝධී ලෙස සූක්ෂම පවත්වාගන ගිය ආනයනික කල් ඉකුත් වූ හා කල් ඉකුත් වීමට ආසන්න රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ වර්ග සහිත ගබඩාවක් වටලා නිෂ්පාදිත හා කල් ඉකුත් වීමේ දින වෙනස් කරන ලද ස්ටිකර් තොගයක් සමග එක් පුද්ගලයෙකු දෙහිවල පොලීසිය හා එක්ව ජාතික ඖෂධ නියාමක අධිකාරිය නිලධාරීන් විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල පොලීසිය බස්නාහිර පළාත් බුද්ධි ඒකකය වෙත ලද තොරතුරකට අනුව දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැනුම් දීමකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිලධාරීන් විසින් සිදුකර ඇත.

එහිදී කාමර කීපයකම පෙට්ටිවල අසුරා ගබඩාකර තිබූ කල් ඉකුත් වූ ඖෂධ විශාල තොගයක්, කාඩ්පත් වලින් වෙන් කරන ලද ඖෂධ කරල් සහ ඒවායේ හිස් කාඩ්පත් , ඖෂධ හිස් ඇසුරුම් පෙට්ටි, ස්ටිකර් මුද්‍රණයට යොදාගත් පරිඝණකය හා මුද්‍රණය කර තිබූ ස්ටිකර් තොගයක් ද ඖෂධ නියාමන අධිකාරිය නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

දැනට සිදුකරගන යනු ලබන විමර්ශණ වලදී ආයතන ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය නිමල් ජයසිරි මහතාගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සියලු ඖෂධ තොග ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගැනීමටත් කටයුතු කරනු ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 

මෙන්න බලන්න තවත් පුවත්