
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකයක් අසල සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ කොල්ලුපිටිය පොලීසිය ඊයේ රත්‍රි සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 3 දෙනෙක් ද සිටින අතර ඔවුන් අතර විදේශීය ජාතික පිරිමි 2 පුද්ගලයින් දෙදෙනකු සහ විදේශීය ජාතික කාන්තාවක ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.