උපන්දින සාදයකට සහභාගී වී සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත පුද්ගලයින් 7 දෙනාට අධිකරණය මගින් ඇප නියම කර තිබෙනවා.

ඒ අනුව අදාළ පුද්ගලයින් 7 දෙනාගෙන් 6 දෙනෙකු පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙන අතර ඔවුන් එහිදී දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමට නියමිතය.

මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත්තේ මාධවී වත්සලා ඇන්තනී සහ ඇයගේ ස්වාමි පුරුෂයා, චන්දිමාල් ජයසිංහගේ රියැදුරු ඇතුළු පිරිසක් බව සඳහන්.

මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ මව නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් එම උපන්දින සාදය පවත්වා තිබුණා.

එම උපන්දින සාදය සංවිධානය කළ බවට චෝදනා එල්ල වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප නියම වුණා.

මෙන්න බලන්න තවත් පුවත්