පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර කිරිඔය ප්‍රදේශයේදී පාදයට වෙඩි වැදී බරපතළ ලෙස තුවාල ලබා සිටින තනි දල ඇතාට (තනි දලයාට) ප්‍රතිකාර කිරීමට ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ වනජීවි නිලධාරීන් ඊයේ හවස කටයුතු කරනු ලැබූවා.

වස්ගමුව රක්ෂිතයේ මේදිනවල සැරිසරමින් සිටින මෙම තනි දලයාගේ ඉදිරි වම් පාදය වෙඩි පහරකට ලක්ව බරපතළ තුවාල ලැබීම හේතුවෙන් ඇවිදගැනීමේ මහත් අසීරුතාවට ලක්ව සිටින අතර ඒ අනුව පාදය බරපතළ ලෙස තුවාල ලබා සිටින මෙම තනි දලයාට ප්‍රතිකාර කිරීමට ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් ඊයේ හවස කටයුතු කරනු ලැබූවා.

ඇලහැර ,කිරිඔය ප්‍රදේශයේදී තනි දලයා නිර්වින්දනය කොට එම වන අලියාට ප්‍රතිකාර කොට ප්‍රතිජීවක ඖෂධ එන්නත් කිරීමට වනජීවි නිලධාරීන් මෙහිදී කටයුතු කළා.

තුවාල ලබා සිටින මෙම තනි දල ඇතා වයස අවුරුදු 35 ක් පමන වන උස අඩි 08ක් පමන වන ,ඇතෙකු බව වනජීවි නිලධාරීන් පවසා සිටිති .ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මෙම තනි දලයා නැවත වස්ගමුව රක්ෂිතය වෙත පලවා හැරීමට වනජීවි නිලධාරීන් කටයුතු කරනු ලැබූවා.

(අසේල ධර්මවංශ – පොලොන්නරුව)

මෙන්න බලන්න තවත් පුවත්