
Sanath Jaysuriya Cricket පදනම මඟින් ප්‍රථම වරට සංවිධානය කරන ‘Sanath Jayasuriya Premier League” වයස අවුරුදු 13න් පහළ පන්දුවාර 30 ක්‍රිකට් තරඟාවලිය ලබන 24 වනදා සිට මැයි 30 දක්වා පැවැත්වීමට නියමිතයි.
කොළඹ විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා කන්ඩායම් 5ක් තරඟබබිමට පිවිසෙනු ඇත. එම කන්ඩායම් 5 සඳහා සනත් ජයසුරිය ක්‍රිකට් ඇකඩමියේ වයස අවුරුදු 13න් පහළ ක්‍රීඩකයින් 60 දෙනෙක් සහ SSC,NCC,CCC ක්‍රිඩා සමාජවල මෙන්ම කොළඹ ආනන්ද නාලන්ද පාසල් ක්‍රීඩකයින් 20 දෙනෙකුද ක්‍රිඩා කෙරෙනු ඇත.
තරඟ කරන කන්ඩායම් 5 වන්නේ,
Master Blasters
Lion Warriors
Universal Kings
Colombo Cubs
Dynamic Spartans
අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කෙරෙන ඉතාමත් යහපත් ආයෝජනයක් ලෙස තරඟාවලිය හැඳින්විය හැක. මෙම තරඟාවලිය සඳහ ප්‍රධාන අනුග්‍රහය YFM වෙතිනි. ක්‍රීඩකයින්ගේ නිල ඇඳුම් සඳහ අනුග්‍රහය MOORS වෙතිනි.