
ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු රුධිර කැටි ගැසීම් වලින් පීඩා විඳි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අනාවරණය කර සිටිනවා.
ඒ, පුද්ගලයන් හය දෙනාගෙන් තිදෙනෙකු මියගොස් ඇති බව ඇය අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය විශේෂඥයින් මෙම සිද්ධීන් පිළිබඳව අධ්‍යයනය කර ඇති අතර එන්නත නිසා රුධිර කැටි ගැසීම් සිදු නොවූ බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත දිගටම පවත්වාගෙන යන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.