
පුත්තලම, කල්අඩිය ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කළ ඇතෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට පහර දී තිබේ.
මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් තරුණයින් පිරිසක් ඇතාගේ පහර දීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර ඇත.
ඇතාගේ පහරදීමෙන් දිවි බේරාගෙන ඇත්තේ, කොට්ටුකච්චිය, කිවුලකටුව හා නොච්චියාගම පහළ මාරගහවැව පදිංචි තරුණයින් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් කොට්ටුකච්චිය කිවුලකටුව ගම්මානයේ සිට පුත්තලම බලා එමින් සිටිය දී කල්අඩිය කන්ද ආසන්නයේ දී ඇතා එක්වරම මාර්ගය හරහා මාරු වීමට උත්සහ ගන්නා අතර, ඇතාගේ පහරදීම හමුවේ ඔවුන් පළා යන අයුරු ද වීඩියෝවේ සඳහන්ව පවතී.
අවට සිටි ජනතාවගේ කෑ ගැසීම සමඟ කලබලයට පත්වු ඇතා තරුණයින් ට පහරදීම නවතා රක්ෂිතය දෙසට ගමන් කරයි.
කෙසේවෙතත් ඇතාගේ පහරදීමෙන් එක් තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ.
ඇතා ඊයේ (19) දිනයේ දී තවත් වාහන කිහිපයකට පහරදීමට උත්සහ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
පුත්තලම වනජීවි පාලන ඒකකයේ නිලධාරීන් පවසා සිටියේ, ඇතා රක්ෂිතයට පළවා හැරීමට කටයුතු කළ බවය.