තමන් ඉදිරියේ දී දේශපාලනයට ඒමට බලාපොරොත්තුවෙන් සිටින බව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සඳහන් කර සිටිනවා.

රෝසි සේනානායක මහත්මියගේ මැතිවරණ වලට තමන් උදව් කරන බවද, තමන්ට මෙම වෘත්තියට පැමිණීමට ඇය උදව් කළ බවත් ඇය තමන්ගේ දෙවැනි අම්මා වගේ බවයි ඔහු සඳහන් කර සිටියේ.

ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර සිටිනවා.

‘මට ඕනේ රජෙක් වගේ ඉන්න. ඒකට මට ඇති වෙන විදිහේ ගෙයක් හදනවා. ඒක මගේ සිහිනයක්’ යයිද ඔහු අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්