
ආකල්පමය ප්‍රශ්නයක් නිසා පසුගිය දා පැවැති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගයේ ඇති වූ ගැටලුව විසඳාගැනීම අපහසු වී ඇතැයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පවසනවා.
එම තරගය සංවිධානය කරන ලද්දේ ඔහුගේ මූලිකත්වයෙනි. අද (08) එම ගැටලුව සමථයකට පත්කිරීම සඳහා අදාළ පාර්ශ්වයන් කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණා.
එහිදී සිදුවූ දේ පිළිබඳව චන්දිමාල් ජයසිංහ මෙසේ මාධ්‍යට අදහස් ප්‍රකාශ කර සිටියා.
“කැරොලයින් ජූරි, චුලා පද්මේන්ද්‍ර, පුෂ්පිකා ද සිල්වා ඇතුළු සියලුම දෙනා අද පොලීසියට ආවා. පුෂ්පිකාගේ ඉල්ලීම වුණේ ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඇයගෙන් සමාව ගතයුතු බව. එයට පමණක් කැරොලයින් ජූරි එකඟ වුණේ නෑ. ඇය කිව්වේ ඇය පෞද්ගලික ලිපියක් හරහා නිවසේදී වීඩියෝ දර්ශනයකින් සමාව ගන්නම් කියලා. පුෂ්පිකාගේ නම සඳහන් නොකර සමාව ගන්නම් කියලා. පුෂ්පිකා ඒකට කැමති වුණේ නෑ. පිරිසක් ඉදිරියේ ඇය අපහසුතාවයට පත්වූ නිසා නඩු කටයුත්තක් සඳහා යොමු වුණා. මේ මාසයේ 19 වනදා නඩුව පැවැත්වෙනවා. බොහොම කණගාටුදායක තත්ත්වයක්. පොලීසිය විශාල වෙහෙසක් ගත්තා මේක සමතයකට පත්කරන්න. බැහැයි සමහරුන්ගේ තියෙන ආකල්පමය ප්‍රශ්නයක් නිසා කණගාටුදායක තත්ත්වයකට පත්වුණා. තමන් වැරැද්දක් කළා කියලා නිහතමානීව මාධ්‍ය ඉස්සරහට ගිහින් පිළිගන්න ඕන. මම නිර්මාණය කරපු කෙනෙකුට මේ තත්ත්වය උදා වෙනවට මම කැමතිත් නෑ. රෝසි සේනානායක මහත්මියත් ඇයට දුරකථනයෙන් පැයක් විතර කතා කරලා මේක විසඳගන්න උපදෙස් දීලා තිබුණා.”
මේ අතර එම තරගයෙන් ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා ද මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ තමන්ට සිදුවූ අපහසුතාවයට ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවක් පවත්වා ඊට සමාව අයදින ලෙසට සිදුකළ ඉල්ලීමට කැරොලයින් ජුරි සහ චුලා පද්මේන්ද්‍රන් එකඟ නොවීම නිසා ඔවුන්ට විරුද්ධව නිතිමය ක්‍රියාමාර්ග ගැනීමට යොමුවූ බවයි.
මට සිදුවූ ආසාදරණය සම්බන්ධයෙන් මම පොලිසිය හමුවේ පැමිණිල්ලක් සිදුකළා. ඒ අනුව අද දිනයේදී අපි පැමිණිල්ල විභාග කරන්න පොලිසියට ආවා. 04ක කාලයක් සාකච්ජා කළා මෙම සිද්ධිය සමථයකට පත් කරන්න. මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා මට සිදුවූ දේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ජාවක් තියලා සමාව ගන්න කියලා මගේ නම කියලා. නමුත් සමතයට එන්න සමාව ගන්න බැහැ කිව්වා. ඒ නිසයි මගේ නීතිඥතුමියටයි මටයි සිද්ධවුනා මේ ගැන නීතිමය පියවර ගන්න තැනට යන්න.
වේදිකාවක් උඩ මුළු ලෝකයාම බලා සිටියදී මාව අපහසුතාවයට පත් කළා, දැනටමත් මම මානසික පීඩාවකට ලක්වුවා. මගේ ප්‍රෙෂර් එක වැඩි. මට මේක දිගටම කරගෙන යන්න අවශ්‍ය නැහැ. මමත් ගැහැනියක් ඇයත් ගැහැනියක්.