
ඊයේ සවස (04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබූවා.
මෙහි කිරුළ හිමිවනුයේ කාටද යන්න තරගය අවසන් වීමට පෙර සංවිධායක මණ්ඩලය තෝරාගෙන අවසන් වී ඇති බවට රාවයක් ඊයේ දිනයේ දී සිටම පැතිරී තිබුණා. ඒ සඳහා මෙරට ප්‍රමුඛ පෙලේ නිරූපණ ශිල්පියෙකු සහ මෙවැනි පැජන්ට්ස් සංවිධානය කරන අයෙකුද බලපෑම් කර ඇති බවද වාර්තා වුව .
එමෙන්ම රටක් නියෝජනය කරමින් ජාත්‍යන්තරය වෙනුවෙන් තරඟ වැදීම සඳහා ඉතා නිවැරදි විනිශ්චයකින් අයෙකු තෝරා පත් කරගත යුතු වනවා.
එවන් තත්වයක් තුල විවාහයෙන් පවා වෙන් වී සිටින අයෙකුට එම කිරුළ ලබා දීමේ සූදානමක් පවතින බවට සෙසු තරඟකාරියන් චෝදනා කර සිටියා.
එම සියලුම පුවත් සනාත කරමින් අවසානයේදී එහි ජයග්‍රාහිකාව තෝරා ගනු ලැබුවා.
එම අවස්ථාවේදී හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි.
එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබූවා.