ශරීරයට අහිතකර සංයෝග අඩංගු පොල්තෙල් මෙරටට ආනයනය කිරීමත් සමඟ රටේ ජනතාව තුල දැඩි විමසිලිමත් භාවයක් ඇතිවී තිබෙනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න පවසන්නේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාගම් බිඳවැටීමට ඉඩ ඇති බවයි.

පොල්තෙල් පමණක් නොව ටින් මාළු ඇතුළු ආහාර වර්ග රැසක් මෙයාකාරයෙන් පසුගිය කාලයේදී රටට ගෙන්වා තිබියදී නැවත ප්‍රතිඅපනයනය කිරීමට කටයුතු සිදුකළ බවයි.

එනිසා ජනතාව පොඩි කාලයක් එම ආහාර භාවිත කරද්දී එම කාලය තුල අඩුපාඩු නිවැරදි කරන්නැයි නිෂ්පාදන සමාගම්වලට දන්වන බවද ඇය සදහන් කලා.

පිලිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කල සමාගම් තව දුරටත් තෙල් ගෙන්වන බවත් ආනයනය අත්හිටුවීමට තම ආයතනයට බලයක් නැති බවත් ඇය තව දුරටත් කියා සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්