
මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අතින් අමානුෂික ලෙස පහර කෑ රියදුරු තමන්ගේ එම අමිහිරි අත්දැකීම පිළිබඳව සියල්ල හෙළි කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ කලෙයිමගන් ප්‍රවීන් නම් තරුණයෙකි.
එළවළු වෙළෙඳාමේ නිරත වන ප්‍රවීන් පසුගිය 29 වැනිදා අලුයම 1ට පමණ බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ බලා පිටත්ව පැමිණ ඇති අතර පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහුව මාර්ග තදබදයට හසුව තිබේ.
ඔහු එම අත්දැකීම පිළිබඳව පවසමින් කියා සිටියේ “..මම උදේ 8 – 8.15 වෙනකොට තමයි මාව ට්‍රැෆික් එකට සෙට් වුණේ…එතනට ඇවිල්ලා මම ට්‍රැෆික් එකේ ඉන්නකොට අව්වේ සැරට නින්ද ගියා..ඒ නිදිමතෙන් තමා මංවත් දන්නේ නැහැ වාහනේ මං හිටපු පැත්තේ ඉඳලා අනිත් පැත්තට පාරට හැරුණේ කියලවත් මතක නැහැ.. අර ගැට්ටේ වැදුණාට පස්සේ තමා මං එක පාර ඇහැරුණේ…” ලෙසිනි.
තමන් ඇහැරුණු පසුව වාහනය ඉස්සරහ කෙනෙක් සිටින බව දුටු බව පැවසූ ප්‍රවීන් තවදුරටත් සඳහන් කර සිටියේ “මගේ වාහනේ ඉස්සරහ එක්කෙනෙක් යට වෙන්න ඔන්න මෙන්න ඉන්නවා කියලා ඇහැට පෙනුණා..OIC මහත්තයා ඉන්න එක මට ඒ වෙලාවේ තමා පෙනුණේ..” ලෙසිනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ කවුරුන් හෝ අනතුරකට පත් වෙන්න ඉන්නවා නම් කෙළින්ම ගිහින් අනතුරට පත් නොකරන බවත් තමන් එම නිලධාරියාව දුටු ගමන් වාහනය ආපසු හරවාගන්නට කටයුතු කළ බවත් සඳහන් කළේය. එම අවස්ථාවේදී මහරගම පොලිසීයේ රථවාහන ස්ථානාධිපතිවරයා ගැටුණු බව ඔහු සඳහන් කළේ.