
මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනය අයිති පුද්ගලයාගේ නිදහස නොවන බවත් මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ අවශ්‍යතාවය මත රට පාලනය කිරීමට යෑම මාෆියාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
‘පුදුම මාධ්‍ය කට්ටියනේ ඉන්නේ. මාධ්‍ය ආයතන. දැන් මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නෙමෙයි නේ. ඒක මාෆියාවක්. මාධ්‍ය ආයතනයට අවශ්‍ය විදිහට රට දුවන්න හදනවනම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජාලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. මෙහෙ රජයවල්, පාලකයා පාලනය කරන්න හදනවා. ඒවා මාත් එක්ක බැහැ. මම දන්නවා පාඩම් උගන්වන්න ඕනේ නම් ඒවා කරන්න. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් රට පාලනය කළා. මම කිසිම මාධ්‍ය ආයතනයක් පාලනය කරන්න ගියේ නැහැ. හැබැයි ඒ අය මේක වැරදියට පාවිච්චි කරන්න ආවොත් ඒකට නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒ නීති ක්‍රියාත්මක කරනවා.
ඒ මාධ්‍ය පමණක් නෙමෙයි ජාතික චින්තනය ඉන්න මාධ්‍යත් සමහර අය බොරු කුඹුක් ගස් කපුවා කියල බොරු දාලා තිබ්බා. මම හොයා බැලුවා. යුද්දේ කාලේ අපිට විරුද්ධව ඔය මාධ්‍ය තමයි වැඩ කලේ. කණ්ඩායමක් රිංගගෙන මේවා ප්‍රචාරය කරණවා.යුද්දේ කාලේ අපිට විරුද්ධව හිටපු අය දැන් ආපහු නැගිටලා.
ඔබලා දන්නවා මම එනවා කියලා කියද්දීත් පාරවල් හැදෙනවා. අපි පාරවල් හදන කොට සමහර අය චෝදනා කරනවා. අද අවාසනාවන්ත සිදුවීමක් උනා. බස් රථයක් අඩි 300ක ප්‍රපාතයකට පෙරළුනා. 14 දෙනෙකු මරණයට පත්වුනා තවත් 43ක් තුවාල වුනා. ඒ පාරවල් පටුයි. බස් වේගයෙන් යනවා. මෙහෙතේ ඒ වගෙයි. හුඟක් අය අපිට බනිනවා. පරිසරයට හානි කරනවා කියලා. මම ආදරෙයි පරිසරයට. ගම්මාන වල ඉන්න අය කවදාවත් පරිසරයට. විශේෂයෙන්ම මම පරිසරය ගැන හොද අවබෝධයක් තියෙනවා. ඔය කතා කරන අය, සංවිධාන නෙමෙයි. යුද්ධයෙන් පස්සේ කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයක්. කුණු පිරිලා විනාශ වෙලා තිබුනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්වරයා ලෙසට මම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශය හරිත නගරයක් කළා. උද්‍යාන හැදුවා, තෙත් බිම් ආරක්ෂා කළා. ජලාශ හැදුවා, මේ කොළඹ නගරයේ. ගංවතුර පාලනය කළා. කුණු අහක් කළා. මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසු පරිසරයක් නිර්මාණය කළා. ඒක තමයි පරිසරය කියන්නේ. විශාල වැඩකොටසක් කළා.
නිදහස් චතුරශ්‍රය වගේම පාර්ලිමේන්තුව ළඟ දැන් ලොකුවට තියෙන ගස් සිටෙව්වේ මමයි. ඔය කතා කරන අය සංවිධාන මොනවාද කලේ කියන්න දන්නේ නැහැ.
ලෝක බැංකුවෙන් ණයක් අරන් හැදුවා විහාර මහා දේවි උද්‍යානය ලස්සනට හැදුවා. එකත් විනාශ වෙලා තිබුනේ. ඊයේ උදේ මම දැක්කා විහාර මහා දේවි උද්‍යානය අසල ලොකු බිල්බෝඩ් එකක් ගහලා රූප වගයක් ඇදලා. ඒක නෙමෙයි පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ. මම කොළඹ පුරාවට පෝස්ටර් අලවන එක, බිල්බෝඩ් ගහන එක නතර කළා. ඒක නෙමෙයි පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ. මම ප්‍රායෝගිකව පරිසරය ආරක්ෂා කරනන් ක්‍රියා කරපු කෙනෙක්. පරිසරය සංවර්ධනය කරන්න ඕන.
ගමකට පාරක් අවශ්‍ය නම් ඒ පාර අපි හදලා දෙන්න ඕන. මම එනකොට ගමේ අය සමග කතා කළා. ඒ අයට පාරක් නැතුව ගොඩක් දුක් විදිනවා. දැන් ආදිවාසීන්ට කියනවා කැලේ ඉන්න එපා කියා. කැලේ යම් වරදක් සිදුවනවා නම් එය නිවැරදි කරන්න ඕන. මේ හැම අමාත්‍යාංශයක් තියෙන්නේ ජනතාව ජිවත් කරවන්න.
රටේ ජනාධිපතිවරයා හැටියට මම මිනිස්සු ලඟට ගිහින් ඒ අයගේ ප්‍රශ්න කිව්වම ඇහුනේ නැහැ වගේ යන්නද? මම අද දැක්කා පත්තරේ කෑගහන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමන්ගේ දෝනියැන්දට හන්තාන රක්ෂිතයෙන් තෑගී ඔප්පුවක් දීලා තියෙනවා.ඉතින් ඒක සුද්ද කරාලු. ඇමතිවරයෙකුට එහෙම කරන්න පුළුවන්, නමුත් අහිසංක මනුස්සයෙක් එහෙම කරනකොට ගිහින් අඩවනවා. ඇමතිගේ අයව අඩන්න තියා අඩවන්නත් කවුරුත් නැහැ.
මම පරිසර අධිකාරියට කිව්වා පසුගිය අවුරුදු 05 දී මේ වගේ දේවල් වුනේ නැද්ද කියලා. පරිසර අධිකාරියේ සභාපතිතුමා පසුගිය කාලේ වාර්තා වුන සමර දේවල් දැනුම් දුන්නා. කුරුනෑගල අක්කර 77.9, පුත්තලමේ අක්කර 258, මොණරාගල අක්කර 100, රත්නපුර අක්කර 42, අනුරාධපුර අක්කර 224යි, මේ වගේ විවිධ විස්තර තියෙනවා. දැන් මේවාට කවුරුත් ඇඩුවෙත් නැහැ ඇඩෙව්වෙත් නැහැ. හරියට මම ඇවිල්ලා පරිසරය විනාශ කළා කියලයි කියන්නේ.
මුහුණුපොතේ දාලා තියෙනවා සිංහරාජයේ අවසන් ගසක් කැපුවා කියලා. ඒ ගහ ඉන්දියාවේ ඔඩිසා ප්‍රදේශයේ කපපු ගසක්.. මේ වගේ අසත්‍ය කරුණු කියලා ජනතාව මුලා කරනවා’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.