ඔබත් ආසාවට මුදු පළදිනවා ඇති නමුත් මුදු පැළදීමේදී එය තමාගේ ඇගිල්ලට වඩා කුඩා වූ විට ඔබ බොහෝ අපහසුතාවයට පත් වෙනු ඇත. එපමණක්ද නොව එම පටුවීම හේතුවෙන් ඇතිවන පීඩනය හෙතුවෙන් එම ඇගිල්ලේ රුධිර සංසරණයට බාධා වී ඇගිල්ලේ පැවැත්මට එය බාධාවක් වනු ඇත.

එබැවින් කුඩා දරුවන් හෝ ඔබ පැලදි මුදු හේතුවෙන් ඇගිල්ල ඉදිමී අපහසුතාවයෙන් සිටීනම් පහත සදහන් දේ අනුගමනය කල හැකිය.

* අයිස් සහ වතුර සහිත පැකට්ටුවක් තුළ තද වූ මුද්ද සහිත ඇගිල්ල දමා විනාඩි 20 ක් හෝ සෘජු අයිස් සමඟ විනාඩි 10 ක් ඇඟිල්ල සිසිල් කරන්න. ඇඟිල්ල
සිසිල් කිරීම සඳහා පහසු ක්‍රමයක් නම් එය අයිස් හා ජලයේ ගිල්වීමයි . ඇඟිල්ල සිසිල් කරන අතරතුර අත ඉහළට ඔසවා තබා ගැනීමට මතක තබා ගන්න.
* ඇඟිල්ල සීතල වී අවම වශයෙන් මිනිත්තු 15 ත් 20 ත් අතර කාලයක් ඔසවා තැබූ පසු, Baby Oil, පොල්තෙල්, බටර්, එළවළු තෙල් හෝ ඛනිජ තෙල් වැනි
දෙයකින් ඇඟිල්ලට ආලේප කරන්න.
* අනික් අතින් ඇගිල්ල තෙරපමින් මුද්ද පිටතට සම්පීඩනය කරන්න.
* අවශ්‍ය වුවහොත් අයිස් මගින් නැවත නැවත තෙත් කල හැකිය.
* ඇඟිල්ල ඉදිමී කලු වී ඇත්නම් හෝ මුද්ද චලනය කිරීමට සිදු කල උත්සාහයන් කිහිපයක් සාර්ථක නොවන්නේ නම් ඔබට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය.
විශේෂයෙන් කුඩා දරුවන් ගැන සැළකිලිමත් වන්න. එහි අවධානම ඔවුනට හදුනා ගත නොහැකි බැවින්. වැඩිහිටියන්ද මේ පිළිබද අවධානය යොමු කරන්න.

එය ඉවත් කිරීමට නොහැකි වුවහොත් රෝහල් තුල මුද්ද කපා ඉවත් කිරීමට සිදු වනු ඇත කුඩා දරුවන්ට මුදු දැමීමෙන් වැළකීම මැනවි

( පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය – ශ්‍රී ලංකා ජාතික රෝහල)

මෙන්න බලන්න තවත් පුවත්