
මෙරට ඇති මද්‍රසා පාසැල් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටිනවා.
මෙම මද්‍රසා පාසැල් තුල සිදුකරනු ලබන අධ්‍යාපන ක්‍රමවේදය සහ ඒවායේ ඉගැන්වීම් සිදුකරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
පසුගිය යහපාලන රජය සමයේ දී මෙම මද්‍රසා පාසැල්වල ඉගැන්විම සඳහා පුද්ගලයින් 600 කට ආසන්න පිරිසක් විදේශයන්හි සිට පැමිණ ඇති බවත් ඔවුන්ට වීසා ලබාදීමේදී කිසිදු සොයා බැලීමක් සිදුකර නොමැති බවද කියා සිටියා.