
අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් ඇත.
මීගමුව – පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුව මෙලෙස ඔහුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.
රන්ජන් රාමනායක අද දහවල් බන්ධනාගාරයට රැගෙන ආ බව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.