කොරෝනා වෛරසය ආසාදිතව රෝහල් ගත කර සිටි තවත් ආසාදිතයන් 378 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 11,031ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට ඉන් ආසාදිතයන් 11,031 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 4,644 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 48ක්.

එසේම අද උදෑසන 10 පමණ වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙසට සැක සහිත රෝගීන් සංඛ්‍යාව 501ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්