අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී ධුරයේ කටයුතු කිරීම සඳහා තමාට පළපුරුද්දක් පවතින බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

මෙම ධුරය නීත්‍යානුකුලව තමාට ලැබී ඇති බවද හෙතෙම පැහැදිලි කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් යෝෂිත රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“හමුදාවෙන් මාව 2016 දී මෙගේ වැඩ තහනම් වුණා. නඩුවක් නැතුවම මගේ වැඩ තහනමකට ලක්වුණා. ඉතින් ඒ අවදියේ දී මගේ පියාට මම වැඩ කළා. ඉතින් මට ඒ පුහුණුවත් එක්ක, අවුරුදු 4කට පස්සේ මට රස්සාව ලැබුණා. ඉතින් එතුමා හිතුවා මම එතැන සිටිය යුතුයි කියලා. “

මාධ්‍යවේදීන් – විරුද්ධත්වයක් සමාජයෙන් නෑ කියන එක ඔබ තුමා සිතනවා ද?

“අපි හොඳක් කරත් නරකක් කරත් සමාජයට කියන්න දේවල් තියෙනවා. ඒක හොඳ විදියටත් ගන්න ඕනේ නරක විදියටත් ගන්න පුළුවන්. ඒක සමාජය තීන්දු කරයි. මම වැඩකරන විදිය බලලා, මම සේවය කරන විදිය බලලා චෝදනා කරන්න. මම තාම වැඩ භාර ගෙන සතියක්වත් නෑනේ. මගෙන් අවුරුද්දකින් අහන්නකෝ ඕක“

මෙන්න බලන්න තවත් පුවත්