එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඇරඹීම ට නියමිත බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත බව වාර්තාවේ.

ඒ, කොරෝනා නිරෝධායන ක්‍රමවේදයන් පිළිබඳ ව මතු වී ඇති ගැටලුවක් හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ බංග්ලාදේශ ක්‍රිකට් පාළක මණ්ඩලයට දැනුම් දී තිබුණේ, ටෙස්ට් කණ්ඩායම මෙරටට පැමිණි පසු පුහුණුවීම් ඇරඹීමට ප්‍රථම සතියක කාලයක් නිරෝධායනය විය යුතු බවය.

නමුත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම නිරෝධායන කාලය දින 14ක් දක්වා වැඩිකර තිබේ. එම තීරණය පිළිබඳ ව බංග්ලාදේශ ක්‍රිකට් පාළක මණ්ඩලයේ ප්‍රධානියා සිය අදහස් පළ කර තිබුණි.

නස්මුල් හසන් පවසන්නේ, තම ක්‍රීඩකයින්ට එතරම් දීර්ඝ කාලයක් හොටෙල් කාමර තුළට වී සිටීම අපහසු බවය.

එයට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ නිරෝධායන කාලය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බළකායෙන් උපදෙස් ලබාගන්න ලෙස තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බවය.

මෙන්න බලන්න තවත් පුවත්