
රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂවල මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සිදුකරන විරෝධතා සදහා සහභාගී නොවීම කැපී පෙනෙන තත්ත්වයකට පත්ව තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී කළු සාටක පැලද සිදු කළ විරෝධතාවට මෙම පක්ෂ දෙකේ නියෝජිතයන් සහභාගි නොවූහ.
එමෙන්ම මාදුලුවාවේ සෝපිත හිමියන්ගේ පිලිරුව අසල විරෝධතාවයට ද එම මන්ත්‍රීවරුන් සහභාගි වූයේ නැත.
මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධි ම ආණ්ඩුවේ කටයුතු අගය කරමින් සිටීම සම්බන්ධයෙන් අවධානය දැඩිව යොමුව තිබේ.